මිනීමැරුමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින පිල්ලෙයාන්ට ඉහළම තනතුරක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් හමුවේ අධිචෝදනා ලැබ, රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාව මඩකලපු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පිල්ලෙයාන් මහතා වෙත බාරදී ඇත.