වලලනවාද..? පුච්චනවාද..? භූගත ජලය ඉතා ගැඹුරු ස්ථාන දෙකක් ගැන වාර්තාව අගමැතිට ….

මෙරට භූගත ජලය ඉතා ගැඹුරින් පිහිටන ස්ථාන දෙකක් ගැන වාර්තාවක් සකස් කර භාරදුන්නේ යයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී තමන් වෙත භාරදුන් වගකීමක් අනුව තමන් විසින් එම කටයුත්ත සිදු කළ බවද ඔහු පැවසීය.
තමන් විසින් අදාළ කාර්යය භූ විද්‍යාඥයන්ට බාර දුන් පසු ඔවුන් විසින් මන්නාරමේ මරිච්චකට්ටු සහ නැගෙනහිර පළාතේ එරගම යන ප්‍රදේශයන්හි අඩි තිහක් යන තුරු කිසිම කාලයක භූගත ජලය නැතැයි පරීක්‍ෂණ වාර්තාවක් දුන්නේ යැයි ඇමැතිවරයා පැවසීය.
මෙම වාර්තාව අග්‍රාමාත්‍යවරයාට, සෞඛ්‍ය ඇමැතිවරියට ලබාදුන් බවද පැවසූ ඇමැතිවරයා එය වෛද්‍යවරුන්ට ඔවුන්ගේ කමිටුවේදී සලකා බැලිය හැකි බවද කියා සිටියේය.
කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.