කෝටි 5 කට කේරල ගංජා යාපනයෙන් සොයා ගනියි

යාපනය කන්කසන්තුරෙයි මුහුදු වෙරණේ තිබී රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 360 ක් ඊයේ (27දා) සොයාගත් බව කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.

කන්කසන්තුරෙයි මුහුදු වෙරළේ හා මුහුදු සීමාවේ පාවෙමින් මෙම ගංජා තොගය උතුරු නාවික විධානයට අයත් නාවික සෙබලුන්ගේ සහ කන්කසන්තුරෙයි පොලිස් නිලධාරීන්ගේ ඒකාබද්ධ සෝදිසියකදී සොයාගෙන ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සොයාගත් කේරල ගංජා රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉන්දියාවේ සිට මුහුදු මගින් බොට්ටු වලින් රැගෙනවිත් නාවික හමුදා සෝදිසි කිරීම් හේතුවෙන් අදාල කේරල ගංජා තොගය කන්කසන්තුරෙයි මුහුදු වෙරලට දමා ජාවාරම් කරුවන් පලාගොස් ඇති බවට සැක පලකරන්නේ යැයි පොලීසිය පැවසීය.