කොරෝනා ගැන වාර්තා කළ චීන මාධ්‍යවේදිනියකට සිර දඬුවම්

කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බව සැලකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය වාර්තා කළ චීන මාධ්‍යවේදිනියකට වසර 4 ක සිරදඩුවමක් අද (28) එරට අධිකරණය විසින් නියම කර තිබෙනවා. 37 හැවිරිදි ෂෑන්ග් ෂෑන් නමැති ඇය පසුගිය පෙබරවාරියේ වූහාන් නගරයට ගොස් එහි තත්ත්වය සජීවි ලෙස වාර්තා කළ අතර, ඇගේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වුවා. ඇයට එරෙහිව චීන බලධාරින් එල්ල කරන චෝදනාව වන්නේ ඇය වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජ ගත කර ඇති බවයි. පසුගිය මැයි 14 වනදා ෂැංහයි නුවරදී චීන බලධාරින් විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.