යුටියුබ් හරහා ලොව වැඩිම මුදලක් ඉපැයූ 09 හැවිරිදි දරුවා

යුටියුබ් හරහා ලොව වැඩිම මුදලක් උපයන පුද්ගලයා ලෙස ෆොර්බෙස් සඟරාව විසින් අමෙරිකාවේ ටෙක්සාස් හි පදිංචි 09 හැවිරිදි රයන් කාජී නම් කොට තිබෙනවා. 2020 වසරේදී ඔහු විසින් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 30ක් බවයි එම සඟරාව සඳහන් කර සිටින්නේ.

තවමත් 09 හැවිරිදි වියේ පසුවන රයන් කාජී තම යුටියුබ් නාලිකාව වන ” Ryan’s world” හරහා සිදුකරන්නේ සෙල්ලම් බඩු සහ වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රයන් කාජී යනු ලොවපුරා ළමුන් අතර ජනප්‍රිය චරිතයක් වන අතර ඔහුගේ යුටියුබ් නාලිකාව සතුව ඇති ග්‍රාහකයින් සංඛ්‍යාව කෝටි 2.77ක් වනවා. මේ දක්වා ඔහු පළකර ඇති යුටියුබ් වීඩියෝ සංඛ්‍යාව 1800ක්.

යුටියුබ් නාලිකාව හරහා අමෙරිකානු ඩොලර් මිලියන 29.5ක් උපයා ගන්නා රයන් ඔහුගේ සන්නාමය සහිත සෙල්ලම් භාණ්ඩ සහ ඇඳුම් හරහා උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 200ක්.

මේ අතර බ්‍රිතාන්‍යයේ ගාර්ඩියන් පුවත්පත වාර්තා කර සිටින්නේ රයන් කාජී Nickelodeon නම් රුපවාහිනී කතා මාලාවක් සඳහා වන ගිවිසුමකට ද එළැඹ ඇති බවත් එහි වටිනාකම මේ දක්වා හෙළිකර නොමැති බවයි.

සෙල්ලම් භාණ්ඩ සම්බන්ධයෙන් සමාලෝචනය කරන යුටියුබ් නාලිකාවන් නැරඹීමෙන් අභිප්‍රේරණය ලැබූ රයන් කාජි පළමු වරට තමන්ගේම යුටියුබ් නාලිකාවක් හරහා වීඩියෝ එලි දැක්වීම සිදුකරන්නේ 2015 වර්ෂයේ මාර්තු මාසයේදී.