ඇමති අලි සබ්‍රි ඉල්ලා අස්වෙයි – ජනාධිපති භාර නොගනී

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වූ ලිපියක් අද (29) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති නමුත් ජනාධිපතිවරයා විසින් එය භාර ගෙන නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය සමඟ මුස්ලිම් මෘත දේහ ආදාහනය නොකර ආගමික විශ්වාසය අනුව භූමදානය  කිරීමට තවදුරටත් ඉඩ නොලැබීම නිසා ඒ වෙනුවෙන් බලපෑම් කිරීමක් ලෙස අලි සබ්‍රි මහතා විසින් ජනාධිපතිවරයාට මෙලෙස ලිපියක් යොමුකර ඇති බවයි එම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විවාදයට තුඩු දී තිබෙන මුස්ලිම් මෘත දේහ ආදාහනය කිරීම ගැන  මුස්‌ලිම සමාජය තුළ  දැඩි විරෝධයක් මතුව තිබෙන අතර මෙම තත්ත්වය මත ඇමතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවත්  ඔවුන්ට ඔවුන්ගේ සමාජය වෙත යාම ඉතා දුෂ්කර වී ඇති බවත්  සඳහන්.

මුස්‌ලිම් සමාජය සම්බන්ධයෙන් මෙලෙස කටයුතු කිරීම නිසා ඔවුන් අතර විශාල කලකිරීමක් ඇතිව තිබෙන බවත් මෙය ආයුධයක් කරගනිමින් පීඩාවට පත් තරුණයින්  යම් කිසි තැනකට තල්ලු වීමේ අවධානමක් පවතින බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ‘රාවය’ පුවත්පතට ප්‍රකාශකර තිබුණි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂපාති ‘ජාතික බලවේග’ වලින් දැඩි විරෝධයක් එල්ලවී තිබු අතර අලි සබ්‍රි අමාත්‍යවරයාට අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයාට හිතවත් භික්ෂුන් වහන්සේ නමක් ලෙස සැලකෙන  පුජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන්ද දැඩි බලපෑමක් කර  ඇති බවද  වාර්තා විය.

පසුගිය දින කිහිපය තුළම මේ සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩ නැගී තිබුණ අතර කොවිඩ් මෘත දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරන ලෙසයි බලකෙරුණේ.

මෙම තත්ත්වය උච්චතම තැනකට යමින් ඊයේ (28) දින ගාලු මෝදර පිටිය ආසන්නයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට දක්වා පා ගමනින් පැමිණි ආණ්ඩුවට පක්ෂපාති ජාතික සංවිධාන එකමුතුව, නව සිංහල රාවය ඇතුලු භික්ෂු සංවිධාන කිහිපයක්  විරෝධතාවයක් දියත් කරමින් රජයට බල කර සිටියේ  සියලු කොරෝනා මරණ ආදාහනය කරන ලෙසයි.

විශේෂයෙන් එම භික්ෂුන් වහන්සේලා විසින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දැඩිව විවිචනය කරන අයුරු දකින්නට තිබුණි.

සබැඳි පුවත් :අපි හිතුවෙ පුටිං කෙනෙක් කියලා, හැබැයි දැං හිටංටත් අන්තයි – සුදත්ත හිමි (Video)

අනුරාධපුරේ ඥානක්කාට ඕනෙ විදියට නැතුව ජනවරමට අනුව රට පාලනය කරන්න – මැඩිල්ලේ හිමි

මෙම උද්ඝෝෂණය ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන අතර අනෙක් පසින් අලි සබ්‍රි මහතාද සිය ප්‍රජාව ඔහුගේ බලපෑම එල්ල කිරීම සඳහා ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි කියවුණේ.

අලි සබ්‍රි මහතා ජනාධිපතිවරයා වෙත හඳුන්වා දුන් ව්‍යාපරික දිලිත් ජයවීර මහතාද මෙම සිද්ධියෙන් කලබලයට පත්ව සිටින අතර තත්ත්වය සමනය කිරීමට ඔහු මහත් පරිශ්‍රමයක් ගනිමින් සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය.

කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයට පෙර සිටම විශේෂයෙන් ”වියත් මඟ” ඔස්සේ අලි සබ්‍රි මහතා තමන් නියෝජනය කරන මුස්ලිම් සමාජය තුළ රාජපක්ෂවරු සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනැගීමට ඉතා විශාල වෙහෙසක් ගත් අතර ඔහු පැහැදිලි ලෙසම සිය ප්‍රජාවට පැවසුවේ රාජපක්ෂවරුන් ජාතිවාදීන් නොවන බවයි.

කිසියම් හෝ මොහොතක ඔවුන් ජාතිවාදී ලෙස කටයුතු කළ බව හැඟී ගියොත් නැත්නම් මුස්ලිම් ජනතාවට වෙනසක් කර ඇති බවට හැඟී ගියොත් එම වේදිකාවේ නොසිටින අතර ඔවුන් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බවද අවධාරණය කර තිබුණි.

තමන් තමන් රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිට ඔවුන් වෙනුවෙන් සටන් කරන්නේ ඔවුන් මේ රටට කළ අතිවිශිෂ්ට සේවය නිසා වෙන් බවද අලි සබ්‍රි මහතා එදා පවසන ලදී.