‘ධම්මික පැණිය’ ගැන ආචාර ධර්ම කමිටුවේ තීරණය අද හෝ හෙට
ධම්මික බණ්ඩාර නමැති පුද්ගලයා විසින් කොරෝනාවෛරසය මර්දනයට නිෂ්පාදනය කළ බව කියන දේශීය ඖෂධය පිළිබඳ ආචාර ධර්ම කමිටුවේ තීරණය අද (29) හෝ හෙට (30) ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ පිළිබඳව අදහස් දක්වමින් ඖෂධ නිෂ්පාදනය, සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත පැවසුවේ ද අදාළ කමිටු තීරණය අද හෝ හෙට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.
ආචාර ධර්ම කමිටුවේ තීරණය මත එම ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු ලැබේ.
‘මව්බිම’ කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ, කොරෝනා මර්දන පැණිය පිළිබඳව පර්යේෂණය කරන රජරට විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම ඊට අදාළ පර්යේෂණ යෝජනා පත්‍රය ආචාර ධර්ම කමිටුව වෙත භාර දී ඇති බවය.
එහිදී එම පැණියේ බැර ලෝහ හෝ ශරීරයට විෂ සහිත මූලද්‍රව්‍ය අඩංගුවේ දැයි යම් මූලික පර්යේෂණ සඳහා එය භාජන කර ඒවායේ ප්‍රතිඵල ද සමග අදාළ පර්යේෂණ යෝජනා පත්‍රය ලබා දී තිබේ.
ආචාර ධර්ම කමිටුව ද අදාළ යෝජනා පත්‍රය සහ එම මූලික පර්යේෂණ ප්‍රතිඵල විශ්ලේෂණය කර කමිටු තීරණය දෙනු ලබන බව ‘මව්බිම’ කළ සොයා බැලීමේදී අනාවරණය විය.
තව ද පැණිය සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත සායනික පරීක්ෂණය සඳහා ද අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.