පළාත් සභා මැතිවරණය කල් යයි

පළාත් සභා මැතිවරණය කල් දැමීමට රජය තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පරිසර අමාත්‍යංශයේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ කොරෝනා වසංගත තත්ත්වය සහ මහා සංඝරත්නය ඉදිරිපත් කළ විරෝධතා සැළකිල්ලට ගෙන පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඊයේ (28) රැස් වු පක්ෂ නායක හමුවේදී තීරණය කළ බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පළාත් සභා අහෝසි කළ යුතු බවට මතයක් රටතුළ පවතින බවත්, පළාත් සභා මැතිවරණය මේ මොහොතේ පැවත්වීම උචිත නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පෙන්වා දුන් බව මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටතුල පවතින ආර්ථික ගැටළු මෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු වන්නේ නව මැතිවරණ ක්‍රමයක් යටතේ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂ නායක හමුවේදී පෙන්වා දී ඇත.

මේ අතර රජයට හිතවත් කණ්ඩායම් සහ මහා සංඝරත්තනය ද පළාත් සභා මැතිවරණය කල් දමන ලෙස රජයට බලපෑම් කර ඇති බවත් එම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන දින නියමයකින් තොරව පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවේ පක්ෂ නායක හමුවේදී තීරණය වු බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ලබන මාර්තු මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට දැනුම් දී තිබිණි.