එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි දෙදෙනෙකුට කොරෝනා: වෛරසයේ නව ප්‍රභේදය දැයි සොයා පර්යේෂණ

පසුගිය 22 වන දා එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි ගුවන් යානයේ ආ ලාංකිකයින් දෙදෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද්ධ හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, ඔවුන් දෙදෙනාට ආසාදනය වී ඇත්තේ මේ වන විට එක්සත් රාජධානියේ පැතිරී යන කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය ද යන්න පිළිබඳව පරීක්ෂණ කිරීමට යම් කාලයක් ගත වනු ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළේ, එම ආසාදිතයින් දෙදෙනාගෙන් ලබාගත් සාම්පල 5ක් මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා ලැබී ඇති බවය.