ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය
සංවර්ධනය වෙමින් පවතින රටවලට හදිසි භාවිතය සඳහා ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දී තිබේ.
ගෝලීය වසංගතයක් බවට පත්වූ කොවිඩ්-19 වසංගතය ආරම්භවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නතක් සඳහා අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙය වේ.
මේ අනුව, දැනටමත් එන්නතක් ඇනවුම් කර නොමැති රටවලට සැකයකින් තොරව ෆයිසර් එන්නත මිලදී ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
එමෙන් ම, යුනිසෙෆ් සංවිධානය මගින් දිළිඳු රටවලට මෙම එන්නත ලබාදීමට ද එමගින් ප්‍රතිපාදන ලැබීම විශේෂත්වයකි.
මේ වනවිට ෆයිසර් එන්නත ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, කටාර්, බහරේනය සහ මෙක්සිකෝව යන රටවල භාවිත කරමින් පවතී.