ධාවනයෙන් ඉවත් කළ බස් රථ 273ක් නැවත ධාවනයට
අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර පිටියේදී සිදු විය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම බස් රථ යොදා ගනු ලැබේ.
ප්‍රවාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසකට අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක වේ.
දිවයින පුරා ඇති ඩිපෝ 107ක සම්පූර්ණයෙන් ම ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 273ක් අලුත්වැඩියා කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 115ක් වැය කර තිබේ.