ඉදිරියේදී සෑම අමාත්‍යංශයකටම හමුදා නිලධාරියෙක් !

සෑම අමාත්‍යංශයක් තුළම අතිරේක ලේකම් (සංවර්ධන) නමින් අලුතින් තනතුරක් ස්ථාපිතකර ඒ සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ද ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙම පත්කිරීමට හේතුව ලෙස ඇතැම් අමාත්‍යංශ හරහා සිදුකිරීමට අපේක්ෂා කළ සංවර්ධන වැඩසටහන් කාර්යක්ෂම හා පලදායි ලෙස ක්‍රියාත්මක නොවීම ලෙස දක්වා ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව මිට අදාල කැබිනට් සන්දේශයක් ඉදිරියේදී යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ .

මෙම පත්කිරීම්වලට අමතරව ගෝඨාභය රාජපක්ෂ විසින් විවිධ රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා හමුදා නිලධාරීන් පත්කරමින් සිටිනු දැකිය හැක.