බොරැල්ල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයාට කොරෝනා: තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමයි
බොරැල්ල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයාට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, බොරැල්ල තැපැල් ස්ථානයේ ම තවත් සේවකයින් තුන් දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බවය.
මේ වන විට බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර එම පරිශ්රය විෂබීජහරණය කිරීමට නියමිතය.
මේ අතර, රාත්රී තැපැල් දුම්රිය ධාවනය නොවීම හා ලංගම බස් රථ යොදා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් ලිපි බෙදා හැරීමේ ප්රමාදයක් හටගෙන තිබේ.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, දෙපාර්තමේන්තු වාහන පමණක් යොදා ගනිමින් ලිපි බෙදා හැරීම මේ වනවිට සිදුවන බවය.
මේ හේතුවෙන් ලිපියක් බෙදා හැරීමට ගතවන කාලය දින දෙකකින් පමණ ප්රමාද වන බව ඔහු ප්රකාශ කළේ ය.
තැපැල්පතිවරයා පැවසුවේ, ලිපි බෙදීමේ වැඩි ම ප්රමාදය කොළඹ හා තදාසන්න ප්රදේශවල පවතින බවය.