ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ප්‍රභේදයක් නිර්මාණය වීමේ ඉඩකඩක් – මහාචාර්ය නිලීකා මලවිගේ

සෑම සතියකට වරක් මෙරට තිබෙන කොවිඩ් වෛරස ප්‍රභේද පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන බව මහාචාර්ය නිලීකා මලවිගේ පවසනවා. මේ වන විට විවිධ රටවල නව කොරෝනා ප්‍රභේද ඇති වෙමින් තිබෙන නිසා මෙම පරීක්ෂණ ක්‍රමවේදය අනුගමනය කරන බව ඇය පවසනවා. ඇතැම් විට ශ්‍රී ලංකාවෙද නව කොරෝනා ප්‍රභේදයක් නිර්මාණය විය හැකි බව ඇයගේ මතයයි. මේ හේතුවෙන් මෙතෙක් මසකට වරක් පවත්වනු ලබන මෙම පරීක්ෂණය ඉදිරියේදී සෑම සතියකම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි ඇය මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කලේ.