ලියාපදිංචිය නොමැති සැනිටයිසර් ආනයනය තහනම්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ලබන පෙබරවාරී මස 01 වන දා සිට මෙම තහනම බලාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් වනු ඇත