මධ්‍යම පාන්තිකයන් සඳහා වූ නිවාස ව්‍යාපෘතිය අද ඇරඹේ

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මධ්‍යම පාන්තික ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (04) ආරම්භ වේ.

එම නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 3000ක් ඉදිකිරීමේ කටයුතු අද ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ආරම්භ කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.

පළමු අදියර යටතේ මෙම නිවාස ඒකක කොළඹ දිස්ත්‍රික්කයේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර, බොරලැස්ගමුව ප්‍රදේශවල ඉදිකිරීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ ප්‍රදේශයේ ද මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ යන ප්‍රදේශවල ද මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිකිරීමට නියමිතව තිබේ.

ඊට අමතරව තරුණ වෘත්තිකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් සඳහා ද  මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.