බහුදින ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය කිලෝ 180ක් සොයාගනී
මීගමුව මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් සහ හෂීෂ් කිලෝ 80ක් සොයාගත් බවය.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 60කි.
එසේම එම යාත්‍රාවේ සිටි සිව්දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සියලුම බුද්ධි සේවාවන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ. මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ ද සහය ලැබී තිබුණි.
අත්අඩංගුවටගත් සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.