කොවිඩ් එන්නත මෙරට ජනතාවට දියහැකි දිනය ගැන ඉඟියක්

කොවිඩ් -19 වෛරසය සඳහා වන පළමු එන්නත මෙරටට පුද්ගලයින්ට ලබාදීමට හැකි දින වකවානු පිළිබඳව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා අනාවරණයක් සිදු කළේය.

ඒ අනුව, ඔහු පවසන්නේ එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර කොවිඩ් -19 වෛරසය සඳහා වන පළමු එන්නත මෙරටට පුද්ගලයින්ට ලබාදීමට හැකි බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ සඳහා වන සාකච්ඡා මේ වනවිටත් අවසන් මට්ටමේ පවතින බවද පෙන්වා දෙයි.

ඊයේ (04) රාත්‍රීයේ ටී.වී දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහනට එක්වෙමින් ලලිත් වීරතුංග මහතා මේ බව කියා සිටියේ ය.

“ඉදිරි දිනයකදී මට හරියටම කියන්න පුළුවන් වෙයි. දැන් තියෙන තතත්ත්වය දිහා බැලුවම කියන්න පුළුවන් මේක අඩුගානේ පෙබරවාරි අවසානයේ මාර්තු මුල සතියේ වගේ කාලය තුළ මේ රටේ පටන් ගන්න පුළුවන් කියලා. සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර අනිවාර්යයෙන්ම.”

එන්නත් ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් ද මේ වනවිට සැලසුම් කරඇති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය.

“පළමුවෙන්ම අපි මේ එන්නත ලබා දෙන්නේ ඉදිරිපෙළ වැඩ කරන සෞඛ්‍ය සේවක සේවිකාවන්ට. දැනට ඉන්නවා 155,000ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයත් ඒකයි. දෙවනුව ඉදිරිපෙළ ඉන්න ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පිරිසට මේ එන්නත ලබා දෙනවා. ඒ අය ඉන්නවා 127,500ක්. ජාතික එන්නත්කරන සැලැස්මේ කොටසක් මේක.”

එමෙන්ම එන්නත් ලබාගැනීම සඳහා අවශ්‍යකරන මුල්‍ය සම්පාදන කටයුතු ද මේ වනවිට සිදුකර අවසන් බව ලලිත් වීරතුංග මහතා පැවසීය. එහිදී, “අපේ භාණ්ඩාගාරය මේ සඳහා අවශ්‍ය මුදල් රැස්කරගෙන තිබෙන්නේ,” යනුවෙන් පැවසීය