හෝමාගම රෝහලේ කොවිඩ් දේහ ගොඩ ගැසේ – දේහ 2ක් නරක්වීමේ අවදානමක්
හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර ඇති කොවිඩ් මෘතදේහවල අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අර්බුදයක් හටගෙන තිබේ.
හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර ඇති කොවිඩ් මෘතදේහ එම පුද්ගලයන්ගේ ඥාතීන් විසින් භාර නොගන්නා බව වාර්තා වෙයි.
එම මෘතදේහ ආදාහනය කිරීමට අවශ්‍ය මිනී පෙට්ටි ද නොමැති බව පවසමින් හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් අද (04) නිහඬ විරෝධතාවයක නිරත විය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී, වෛද්‍ය වරුණා ජයසූරිය මහත්මිය සඳහන් කළේ, “ශීතරකණයේ දේහයන් 4ක් තැන්පත් කිරීමට හැකියාව තිබියදී ඊයේ දවස වෙනකොට දේහයන් 8ක්. තිබෙන දේහයන් 6න් 5ක් ම මුස්ලිම් රෝගීන්ගේ දේහයන්. මේවා හඳුනාගැනීමට පවා ඉදිරිපත් වෙන්නේ නෑ. ඔවුන්ගේ විරුද්ධත්වය පළ කරන්නේ මේ ආදාහනය කිරීමේ ක්‍රියාවලියට. දේහ දෙකක් මේ වනවිටත් නරක් වෙමින් පවතිනවා. මේක අපේ සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක්,” යනුවෙනි.