හුදකලා බව ඉවත්කළ NHS මහල් නිවාස සංකීර්ණයේ තවත් ආසාදිතයින් හමුවේ
දර්ගා නගරයේ මුලික රෝහලේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක සේවයේ නිරතව සිටි පිරිස් සඳහා අද (05) PCR පරික්ෂණ හා ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණ සිදු කරනු ලැබු බව අප වාර්තාකරු පැවසීය.
එහිදි ඉදිකිරිම් කටයුතුවල නිරත වු පුද්ගලයින් 5 දෙනෙකු හා ඔවුන් ආහාර ලබාගත් වෙළෙඳසැලක හිමිකරු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වි තිබේ.
මේ අතර මහනුවර පල්ලෙකැලේ කර්මාන්ත උද්‍යානයෙන් කොවිඩ් ආසාදිතයින් 26 දෙනෙකු ඉකුත් ඉරිදා රාත්‍රියේ හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ඒ ආශ්‍රිතව මේ වනවිට වාර්තා වි ඇති මුළු ආසාදිතයින් ගණන 49කි .
තුල්හිරිය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 390 ක් අතුරින් 32 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බව කෑගල්ල වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුජීව බණ්ඩාර මහතා පැවසීය.
මඩකලපුව නගරයේ පුද්ගලයින් 552 දෙනෙකුට අද සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ තුළින් 25 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී තිබේ.
ඒ අතර පෞද්ගලින බැංකු සේවකයින් දෙදෙනෙක් සහ උප පොලිස් පරීක්ෂකවරයෙක් ද වෙයි.
මේ අතර මාස 03කට ආසන්න කාලයක් තමන් හුදකලාවට ලක් කර ඇති බව පවසමින් විරෝධතාවයේ නිරත වු මාලිගාවත්ත NHS මහල් නිවාසවල ජනතාවට අද ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණ සිදුකෙරුණි.
එම නිවැසියන් 180 දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණ මගින් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.