පනත් වලින් හැලී ගිය වචන – මහරැජිණ යන වචනයත් හැලේ
පනත් කෙටුම්පත් කිහිපයක යල්පැන ගිය යෙදුම් අද (06) පාර්ලිමේන්තුවේදී සංශෝධනයට ලක්වුණු අතර, ඒ අනුව මෙතෙක් “මහරැජිණ” ලෙස පනත් කෙටුම්පත්වල සඳහන් වචන හා යෙදුම් ඉවත් කෙරුණි.
ඒ අනුව සාක්ෂි ආඥා පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත්වල යල්පැන ගොස් ඇති වචන හා යෙදුම් සමකාලීන තත්ත්වය පිළිබිඹු වන වචන හා යෙදුම්වලින් ප්‍රතියෝජනය කර තිබේ.
උදාහරණයක් ලෙස, සාක්ෂි ආඥා පනතේ මෙතෙක් කල් අන්තර්ගතව තිබූ මහරැජිණට විරුද්ධව සටන් කිරීම යන වචනය වෙනුවට ජනරජයට විරුද්ධව සටන් කිරීම යන වචනය ආදේශ කිරීම ඇතුළු, මහරැජිණ යන වචනය දැක්වෙන සෑම තැනකම ජනරජය යන වචනය ආදේශ කිරීම ඒ අනුව සිදුකෙරුණි.