ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොලේ ඩොනල්ඩ් ට්‍රම්ප් මළපහ කරයි!

එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල මෙන් සලකනු ලබන වොෂිංටන් අගනුවර උමතු වූ ට්‍රම්ප් හිතවාදීන් දහස් ගණනින් ආක්‍රමණය කරන්නට පටන්ගෙන තිබේ.උන්මත්තකයන් මෙන් හැසිරෙන ඩොනල්ඩ් ට්‍රම්ප් වාදීන් කලහකාරී අන්දමින් හැසිරෙමින් පහර දෙමින් වීදි බැස ඇති අයුරු සීඑන්එන් කැමරා කාචයේ සටහන් වී තිබේ.

කැපිටල් හිල් ගොඩනැගිල්ලේ දොරටු වසා දමා ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක නිලධාරීන් තැත්කළ ද ඔවුනට ද පහර දී අතිශය බිහිසුණු අන්දමින් හැසිරෙන ට්‍රම්ප්වාදීන් මේ වන විට සභාව තුළට ඇතුළු වී ඇති බව ද වාර්තා වේ.

පොලීසිය මහත් පරිශ්‍රමයක් දැරුවද තත්ත්වය පාලනය කර ගත නොහැකි මට්ටමට පැමිණි ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පරාජයට පත්වීම සමඟ රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප්වාදී කණ්ඩායම ඔහුගේ පරාජය භාර නොගන්නා බවට මෙමඟින් පෙනී යයි.

ට්‍රම්ප් ඇතුළු පාර්ශව ගණනාවක් ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් මහතා ගේ ජයග්‍රහණය වංචනික අන්දමින් ලබා ගත් බවට චෝදනා නැඟුවද මේ වනතුරුත් එවන් කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට අසමත් වී තිබේ.

එළඹෙන ජනවාරි 20 වන දින ජෝ බයිඩන් මහතා එක්සත් ජනපදයේ 46 වන විධායක ජනාධිපති ලෙස ධුරයේ දිව්රුම් දීමට නියමිතය.

එහෙත් මේ මතුව ඇති තත්ත්වය ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙත මළපහ දමන්නක් වැනි ය.

සීඑන්එන් පුවත් සේවය වාර්තා කරන අන්දමට වොෂිංටනය තාවකාලික වසාදැමීමට (ලොක්ඩවුන් කිරීමට) කටයුතු යොදා තිබේ.

ජනපති සහ උප ජනපති සඳහා මැතිවරණ කොලිජි ඡන්ද ගණන් කිරීම සහතික කිරීමේ සැසිවාරය සඳහා කොංග්‍රසය සූදානම් ව තිබිණි.

කෙසේවෙතත් කැපිටල් හිල් සභාගර්භය වෙත කලහකාරී හා අශෝභන අන්දමින් පැමිණෙන ට්‍රම්ප්වාදීන් එම ගොඩනැගිල්ල බලහත්කාරයෙන් නතුකර ගැනීමට උත්සාහ දරණ බවක් පෙනෙන්නට තිබේ.

දැනට වාර්තා වන අන්දමට සභාගර්භයේ කතානායක පුටුව පවා සිය සන්තකයට ගන්නා තත්ත්වයට උමතු වූ ට්‍රම්ප්වාදීන් පෙළඹ තිබේ.

ධනේෂ්වර රාජ්‍යයක් වූව ද ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ම ක්‍රියාත්මක වන්නේ එක්සත් ජනපදයේ බවට ප්‍රසිද්ධ කියමනක් තිබේ. එහෙත් මේ සිදුවන්නේ කුමක්ද යන්න අප සැමට තුෂ්නිම්භූතව බලා සිටීමට සිදුව තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

LEN