කුරුණෑගල රෝහලට PCR පරීක්ෂණ රසායනාගාරයක්.

කුරුණෑගල පළාත් මහ රෝහලේ PCR පරීක්ෂණ රසායනාගාරය විවෘත කිරීම ඊයේ (10) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ වරාය නාවික කටයතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යඡොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන්  සිදු කෙරුන අතරඊට අදාලව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින්  සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙම අදහස් දක්වන ලදි.

රුපියල් ලක්ෂ 125 ක වියදමින් ස්ථාපිත කරන ලද මෙම PCR පරීක්ෂණ රසායනාගාරය මගින් දිනකට PCR පරීක්ෂණ 900 ක් පමණ සිදු කළ හැකි බවත්කුරුණෑගල සහ වයඹ පලාතෙන් පිට පළාත්වල ද PCR පරීක්ෂණ මේ මගින් සිදු කිරීමේ හැකියාව ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!