රන්ජන්ට වසර 04ක සිර දඬුවම : රන්ජන් බන්ධනාගාරයට
වසර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියේය.
සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (12) දිනයේ දී ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කෙරිණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.
ඒ අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.
2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි.
තමන් සත්‍ය කතා කළ බවත් කිසිදු අවස්ථාවක සමාව නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක ප්‍රකාශ කර සිටිනවා. අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අද වසර 04ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.
” මම කතා කලේ ඇත්ත. ඒ ගැන මොනම අවස්ථාවකදීවත් සමාව ඉල්ලන්නේ නැහැ. මම කාගෙන්වත් හොරකම් කරලා නැහැ . දේවල් කඩා වඩා ගෙන නැහැ” යැයි මන්ත්‍රීවරයා අධිකරණයේ සිට බන්ධනාගාර බස් රථය දක්වා රැගෙන යමින් සිටි අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේ මේ අයුරින්,