ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අනුමැතිය ගත යුතු ක්‍රමවේදය

මෙරටට පැමිණෙන සියලු ම දේශීය සහ විදේශීය ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයෙන් හෝ ඒ ඒ රටවල පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් අනුමැතිය ලබාගත යුතු බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.
එලෙස අනුමැතිය ලද මගීන් පිළිබඳව තොරතුරු සිවිල් ගුවන්සේවා අධිකාරිය වෙත යොමු කළයුතුය.
පසුව ඔවුන් විසින් ගුවන් ටිකට්පත් නිකුත්කිරීම සඳහා ඒ ඒ ගුවන් සේවය වෙත තොරතුරු යැවීම සිදුකරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පැවසීය.
අනුමැතිය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා [email protected] යන ඊ මේල් ලිපිනය භාවිත කළ හැකිය.