හරීන්ගේ ආරක්ෂාව ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට ආරක්ෂාව ලබාදිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා විසින් පසුගියදා ගම සමඟ පිළිසදරක් වැඩසටහනේදී හරීන් ප්‍රනාන්දුව විවේචනය කිරීමෙන් පසුව ඒ මහතා විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් සිය ආරක්ෂාව වැඩිකරන ලෙස විශේෂ ඉල්ලීමක් සිදුකල අතර මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් මේ පිළිබඳව නාමල් රාජපක්ෂ ගෙන් විමසු අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළකලා. “හරීන් ප්‍රනාන්දු මහතාට ආරක්ෂාව දෙන්න ඕන. එතුමාගේ පක්ෂය ඇතුලෙත් බොහෝ ප්‍රශ්ණ තියෙනවා. ඒවට හරීන් මැදිහත්වෙලා මොනවාහරි වුණොත් අන්තිමට ඒකත් ජනාධිපතිතුමාගෙ පිටට දාවි. ඒ නිසා අපිත් පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ හරීන් ප්‍රනාන්දු මහත්තයට උපරීම ආරක්ෂාව දෙන්න.” යැයි නාමල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.