කොග්ගල නිදහස් වෙළද කලාපයේ තවත් ඇගලුම් සේවිකාවන් 06කට කොරෝනා
කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කමහල් දෙකකින් ඊයේ (13) දින තවත් කොවිඩ් ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
ඊයේ දින කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හලකින් ඇගලුම් සේවිකාවන් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ඒ මහතා පවසයි.
මිට පෙර කොරෝනා ආසාදිතයින් වාර්තා වු අනික් ඇගලුම් කම්හලෙන්ද එක් ආසාදිතයකු වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි.
අලුතෙන් කොරෝනා වෛරසය ආසාදනය වි ඇති ඇගලුම් කම්හලේ සේවිකාවකට උණ රෝගය නිසා ඇය ප්‍රථිකාර ගැනිම සදහා මහමෝදර රෝහල වෙත ගොස් ඇත. රෝහලේ දි කරණු ලැබු පි.සි ආර් පරික්සණයේ දි මෙකි ඇගලුම් සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ඒ මහතා පවසයි.
ඉන්පසු එම ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයට ලක්කොට ඇති අතර එහිදි එම ඇගලුම් කම්හලේ තවත් ඇගලුම් සේවිකාවන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි. ඉකුත් සතියක කාලය තුල මෙකි ඇගලුම් කම්හල් දෙකෙන් කොරෝනා ආසාදිතරෝගින් 12 දෛනකු වාර්තා වි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
මේ වනවිට මෙකි ඇගලුම් කම්හල් දෙකේ සේවක සේවිකාවන් 250 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය කිරිමට කටයුතු කර ඇති බවද ඒ මහතා පවසයි. අද (14) දින මෙකි ඇගලුම් කම්හල්වල සේවක සේවිකාවන් පිරිසක් පි.සි.ආර් පරික්ෂණ කිරිමට සැලසුම් කොට ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.