පාර්ලිමේන්තුවේ 448කට PCR
කතානායක සහ පාර්ලිමේන්තුවේ සේවකයින්, නිලධාරීන් ඇතුළු 448 දෙනෙකුට අද PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා.
ඔවුන් අතරින් ප්‍රමුඛතාවය හිමිව ඇත්තේ පසුගිය දිනවල කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ මන්ත්‍රීවරුන්ගේ සමීපතම ආශ්රිතයින්ටයි.
මේ අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ලේකම් චමින්ද කුලරත්න මහතාද කොවිඩ් ආසාදිතයෙකු ලෙස ඊයේ හඳුනා ගත්තා.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයත් ඊට යාබද සභානායක කාර්යාලයත් වසා දැමීමටයි පියවර ගැනුණේ.
මේ අතර චමින්ද කුලරත්න මහතාගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතුද අද සිදු කෙරුණා.
අද PCR පරීක්ෂණ සඳහා යොමු නොවුණු පාර්ලිමේන්තුවේ සෙසු සේවකයින්ට අනිද්දා පෙරවරු 9 සිට දහවල් 12 දක්වා PCR පරීක්ෂණ සිදු කරන බවද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.