ජනපති චීන කොවිඩ් එන්නත ඉල්ලයි
කොවිඩ් මර්දනය සඳහා චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනපති ෂී ජින්පිං මහතාට ලිපියක් යොමකර තිබේ.
මහජන චීන සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වූ ආචාර්ය පාලිත ටී.බී. කොහොන මහතා පෙරේදා (12දා) සිය අකත්පත්ර චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා වෙත භාර දුන් අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමුකළ බව ශ්‍රී ලංකා විදේශ කටයුත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාට වෙත විශේෂ ත්‍යාගයක් සහ පුද්ගලික පණිවුඩයක් ද රැගෙන ආ බව පාලිත කොහොන මහතා මෙහිදී පැවැසීය.
ඒ සඳහා පිළිතු දෙමින් හොං මහතා පවසා ඇත්තේ නායකයන් දෙපළ අතර පවතින සමීප මිත්‍රත්වය පිළිබඳව සතුට පළ කරන බවත් අතීතයේ දී දෙරට එකිනෙක රටවලට සහයෝගය ලබා දී ඇති බවයි.
වෙළඳ හා ආයෝජන සඳහා විවෘත වන විට දී ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වීම සඳහා චීන සමාගම් උනන්දු කරවන බවත්, එන්නත බෙදා හැරීම සම්බන්ධයෙන් චීන රජය ඉක්මනින් තීරණය කරනු ඇති බවත් හොං මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.