ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.2 ක භූමිකම්පාවක් සිය ගණනකට තුවාල
ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රික්ටර් මාපක 6.2 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව එරට ආපදා අවම කිරීමේ ඒජන්සිය (බීඑන්පීබී) පවසනවා
බොහෝ ගොඩනැගිලි වලට හානි වීමෙන් පසු භීතියට පත් නිවැසියන් ආරක්ෂිත ප්‍රදේශවලට පිටත්ව ගොස් තිබෙනවා
භූමිකම්පාවේ කේන්ද්‍රය මැජීන් නගරයේ සිට කි.මී. 6 ක් ඊසාන දෙසින් තිබෙන බවටයි වාර්තා වන්නේ
බී.එන්.පී.බී. හි මුලික තොරතුරුවලින් පෙනී ගියේ මැජේන් හි පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 637 දෙනෙකු තුවාල ලබා ඇති අතර අසල්වැසි පළාතක් වන මාමුජු හි තවත් මරණ 3 ක් සහ 24දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
අද අලුයම 1 ට පමණ ඇති වූ භූමිකම්පාවෙන් අවම වශයෙන් නිවාස 60 කට පමණ හානි සිදුවීමෙන් ආරක්ෂාව පතා දහස් ගණනක් සිය නිවෙස්වලින් පලා ගොස් ඇති බව ඒජන්සිය පවසනවා
තත්පර හතක් පමණ භූමිකම්පාව තදින් දැනුණු නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් ඇති නොවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා