සිනමා කර්මාන්තයට ලැබෙන බදු සහන

දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සමයේ අවලංගු කළ බදු සහන නැවත ලබා දීමට තීරණය කර තිබෙනවා

සිනමා කර්මාන්තයේ නියැලි වෘත්තිකයන් පසුගිය දා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කළ ඉල්ලීම්වලට අනුව එදින ගත් තීරණවලට අදාළව මුදල් අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අනුව චිත්‍රපට නිෂ්පාදනය සහ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා භාවිතා කරන උපකරණ ආනයනය කිරීමේදී තීරු බදු සහන ලැබෙනු ඇති.

එසේම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී වැය කරන මුදලට බදු සහන සහ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායමට බදු සහන දීමට ද මෙම සාකච්ඡාවේදී සළකා බලා තිබෙනවා..

මෙම බදු සහන චිත්‍රපට සංස්ථාවේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක වන අතර ඒ අනුව දේශීය සිනමාකරුවන්ට සහ චිත්‍රපට නිෂ්පාදකවරුන් ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තිකයන්ට චිත්‍රපට සංස්ථාව ඔස්සේ ඉල්ලුම් කිරීමෙන් රජය විසින් ලබා දෙන මෙම බදු සහන නැවත ලබා ගැනීමට අවස්ථාව උදා වනවා.