එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටින හෝටලයෙන් ආසාදිතයන් 02 ක්

මේ දිනවල මෙරට ක්‍රිකට් සංචාරයක නිරත එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටින හෝටලයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු හමු වී තිබෙනවා. ගාල්ල දඩල්ල ප්‍රදේශයේ තරු පංතියේ හෝටලයක එංගලන්ත කණ්ඩායම රැඳී සිටී.

අදාල හෝටලයේ මුළුතැන්ගෙයි අරක්කැමියන් ලෙස සේවය කරන දෙදෙනෙකුටයි වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන්නේ. ගාල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සේවකයන් දෙදෙනා කොවිඩ් වෛරසය හා සම්බන්ධ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පරීක්ෂණවලට යොමු කර තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

හෝටල් පරිපාලනය සඳහන් කරන්නේ මෙම සේවකයන් කිසිදු අයුරකින් ක්‍රිකට් කණ්ඩායම හා සෘජුව සම්බන්ධ නොවූ බවයි. ඒ අනුව වෙනත් මාර්ගයක් ඔස්සේ ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව හෝටල් පාලනාධිකාරිය පවසනවා.

එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී මොයින් අලි කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගත් අතර සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී හෙලි වී තිබුණේ ඔහුට ශරීරගත වී තිබෙන්නේ මේ දිනවල වේගයෙන් පැතිර යන, එංගලන්තයෙන් හඳුනා ගත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය බවයි.

කෙසේ නමුත් මොයින් අලි හරහා මෙරට කිසිදු පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය බළධාරීන් තහවුරු කරනවා.