පාසල් සිසුන් 30,000ක් ඉගෙනීම අතහැරගොස් ඇතැයි අනාවරණය වේ

වර්ෂ 2019 යේදී පාසල් සිසුන් තිස්දහස් හත්සිය අසූ තුන්දෙනකු නියමිත කාලයට හෝ පාසල් හැරගොස් ඇතැයි අනාවරණය වේ.
පළමුවැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා සිසුන් මෙලෙස පාසල් හැරගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් හෙළි වෙයි.
එම වසරේදී (2019) පළමු ශ්‍රේණියට සිසුන් තුන් ලක්ෂ තිස්තුන්දහස් හැත්තෑ හතර දෙනෙකු ඇතුළත් වී ඇත. ඉන් සිසුන් එකසිය හැටක් දෙවැනි ශ්‍රේණිය දක්වා පැමිණ නැත.
එමෙන්ම දෙවැනි ශ්‍රේණියේදී සිසුන් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු පාසල් හැරගොස් තිබේ.
සිව්වැනි ශ්‍රේණියෙන් සිසුන් එකසිය තිස්අට දෙනෙකුද පස්වැනි ශ්‍රේණියෙන් සිසුන් දෙදහස් හාරසිය එකොළොස්දෙනෙකු පාසල් අධ්‍යාපනයට සමුදී ඇත.
එමෙන්ම පස්වැනි ශ්‍රේණියේ සිට 6 වැනි ශ්‍රේණියට පැමිණ නැති සිසුන් ගණන අටසිය දහසයකි.
කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 අතරින් දෙහිවල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ මහරගම කොට්ඨාස තුනෙහි පාසල් නොයන කිසිදු දරුවකු නොමැත.