අහඹු ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු හමුවේ

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්කර කර ස්ථාන 11 කදී ඊයේ දිනයේදීත් අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බව පොලීසිය පවසනවා. පුද්ගලයින් 326 දෙනෙකු එලෙස ඊයේ දිනයේදී ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පෙනී සිටි බවයි පොලිසිය පැවසුවේ. ඒ අතරින් පුද්ගලයින් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.