අමෙරිකාවේ සියලු ප්‍රාන්තවල ආරක්ෂාව තර කරයි
අමෙරිකාවේ සියලුම ප්‍රාන්තවල ආරක්ෂාව තර කිරීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් මේ වනවිට කටයුතු කර තිබෙනවා.
එළඹෙන 22වනදා පැවැත්වීමට නියමිත ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ දිවුරුම් දීමේ උත්සවයට සමගාමීව මෙම පියවර ගත් බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සඳහන් කරනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාක්ෂිකයන් විසින් වොෂින්ටන් අගනුවර ඇතුලු රටපුරා විරෝධතා පවත්වනු ඇති බවට හා කලහකාරී තත්ත්වයන් ඇතිවනු ඇති බවට එෆ් බී අයි ආයතනය අනතුරු ඇගවීමත් සමග ආරක්ෂාව තවදුරටත් තර කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
පොලිස් ප්‍රධානී රොබට් කොන්ටී පැවසුවේ එක්සත් ජනපද අගනුවර “විශාල ආරක්ෂක තර්ජනයකට” මුහුණ දී සිටින බවයි.
මේ වන විට සන්නද්ධ ජාතික ආරක්ෂක භටයන් 20,000 කට වැඩි පිරිසක් බලමුළු ගැන්වීම නිසා ඊයේ වොෂිංටන් කේන්ද්‍රය වසා දමා තිබුනා.