නගර සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ නගර සභා පනත උල්ලංඝණය කිරීමේ චෝදනාව හේතුවෙන්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නගර සභා සභාපතිවරුන් දෙදෙනාට එරෙහිව එල්ලවී ඇති චෝදනා විභාග කොට මාස තුනක් ඇතුළත තමන් වෙත වාර්තා කිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රොහානා අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් යුත් ඒක පුද්ගල කොමිසමක් ද ආණ්ඩුකාරවරයා විසින් පත් කර තිබෙනවා.