තවත් කොරෝනා රෝගීන් 487කට සුවයි
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 487දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 44,746ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 51,594ක් වන අතර රෝගීන් 6593දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.