ට‍්‍රම්ප් රටින් පිටව යෑමේ සූදානමක්?

ඇමෙරිකානු ජනපති ට‍්‍රම්ප් සහ පවුලේ අය ජනවාරි 19 දා ධවල මන්දිරයෙන් පිටව යෑම සඳහා සැලසුම් කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිට ඔවුන්ගේ බඩු බාහිරාදිය ලොරිවලට පටවන බව ද අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඩිමෝක‍්‍රටික් පක්ෂ මන්තී‍්‍රවරු පිරිසක් පැවසුවේ ට‍්‍රම්ප් රටින් පිටව ගියත් ඔහුව ආපසු ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කි‍්‍රයා කරන බවයි. එහෙත් ට‍්‍රම්ප්ගේ නීතිවේදීන් සඳහන් කරන්නේ ට‍්‍රම්ප් සතුව විශාල ධනස්කන්දයක් ඇති නිසා ඔහු සටන් වදින බවයි. ට‍්‍රම්ප් සතුව ඩුබායිහි සුපිරි ගොඩනැඟිල්ලක් ද අසර්බයිජානයේ හෝටලයක් ද ඇමෙරිකාවේ ගොල්ප් පිටියක් ද ඇතැයි අනාවරණය වී තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එසේම බොයින් ගුවන් යානාවක් ද ඔහු සතුව තිබෙනවා. ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල්හිල් ගොඩනැඟිල්ලට ප‍්‍රහාර එල්ල කිරීම ගැන එෆ් බී අයි පොලිසිය මෙතෙක් ට‍්‍රම්ප්ගෙන් ප‍්‍රශ්න කර නැහැ.

මේ වනවිට ට්විටර් වෙබ් අඩවිය සහ ස්නැප්චැට් අඩවිය ට‍්‍රම්ප්ගේ ගිණුම් නතර කර තිබෙනවා.