ධවල මන්දිරයේ අවසන් දින කිහිපය මෙලානියා නිහඬයි

එක්සත් ජනපදයේ තේරීපත් වු ජනපති ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී නොවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියත්, ඇගේ බිරිඳ වූ මෙලානියා මේ සම්බන්ධයෙන් තවම නිහඬ ප්‍රතිපත්තියක සිටියි.

කෙසේ වෙතත් ධවල මන්දිර කාර්ය මණ්ඩලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වුණේ මෙලානියා මෙම උත්සවයට සහභාගී වනවාද නැද්ද යන්න බව 100%ක් විශ්වාස නැති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ කෝලාහලය සමග ට්‍රම්ප් මෙන්ම ට්‍රම්ප්ගේ දියණිය හා පුත්‍රයන්ද එම ගින්න අවුලුවමින් යම් යම් ප්‍රකාශ සිදුකර ප්‍රසිද්ධියේ හැසිරුණද එම අවස්ථාවේදී පවා මෙලානියා යම් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත් එලැඹෙන නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවයට තමන් සහභාගී වන බව එරට වත්මන් උප ජනාධිපති මයික් පෙන්ස් පවසා තිබේ.