පුත්තලම හින්දු විදුහල් සිසුවෙකුට කොවිඩ්
පුත්තලම හින්දු විද්‍යාලයේ සිසුවකු කොවිඩ් 19 ආසාධිත විමත් සමග එම සිසුවාගේ ආශ්‍රිතයින් සියල්ලම අද (17දා) දින නිරෝධායනයට ලක් කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. සුරේෂ් මහතා පවසයි.
මෙසේ ආසාධිත වී ඇත්තේ පුත්තලම හින්දු විද්‍යාලයේ 6 ඒ ශ්‍රේණියේ සිසුවකු වන අතර මොහු පුත්තලම තිල්අඩිය පදිංචිකරුවකු බව කියයි.
අදාල සිසුවාගේ මව මදුරන්කුලිය කර්මාන්ත ශාලවේ සේවය කරමින් සිටියදී මෙයට පෙර කොවිඩ් ආසාදිතව ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබූ අතර මව ආසාධිත වීමේන් පසුව සිසුවා ඇතුළු පවුලේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමුකර තිබුණි.
සිසුවා ස්වයං නිරෝධායනයට යොමු කිරිමට පෙර පාසලට පැමිණ ඇති බව කියයි.
සිසුවා පසුගිය සතියේ පාසලට පැමිණීම හේතුවෙන් මෙම ආසාධිත සිසුවා සමග අධ්‍යාපන කටයුතු වල නිරත වු සිසු සිසුවියන් 13 දෙනෙකු හා මෙම සිසුන්ද අධ්‍යාපනය ලබා දිමට සම්බන්ධ ගුරුමහත්මින් තිදෙනෙකුද සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනයට යොමුකර තිබේ.