ට්‍රම්ප් අවසන් දින කිහිපයේ හිතවතුන්ට සහ ඥාතීන්ට ජනපති සමාව ලබාදේවිලු

එක්සත් ජනපද ජනාධිපති ධුරයේ අවසන් දින කිහිපය ගත කරමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සුදු කරපටි අපරාධකරුවන්, ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු තම ඥාති හිතමිත්‍රාදීන් 100කට පමණ ජනාධිපති සමාව ලබාදීමට සූදානම් වන බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

ඒ අනුව මෙම ජනාධිපති සමාව ලැබීමේ ලැයිස්තුව අවසන් කිරීම සඳහා ධවල මන්දිරය ඉරිදා රැස්වීමක් පැවැත්වූ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ සම්බන්ධයෙන් මුලදී සාකච්ඡා කිහිපයක් පැවත්වුණත්, ඉලෙක්ටොරෝල් ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමුකිරීම නිසා පසුව එය කල්දැමී ඇති අතර, පසුගියදා කැපිටල් හි සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම හේතුවෙන්ද චෝදනා ලැබූ ට්‍රම්ප්, මේ පිළිබඳ ඉදිරියට ගත් අඩිය ආපස්සට ගෙන තිබේ.

තම මතභේදාත්මක සගයන්ට, පවුලේ සාමාජිකයන්ට හෝ තමාට සමාව දීමට ට්‍රම්ප් අවසාන මොහොතේ තීරණය නොකළහොත්, මෙම ඉදිරිපත් කෙරෙන කණ්ඩායම ජනාධිපති සමාව වෙනුවෙන් වූ අවසාන කණ්ඩායම වනු ඇතැයි දැන් නිලධාරීන් අපේක්ෂා කරයි.