රන්ජන්ගේ අපහාස නඩුවට දින නියම වෙයි

අධිකරණයට අපහාස කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ලබන නොවැම්බර් 27 වැනිදා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

2018 වසරේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාග වන අවස්ථාවේදී එම පෙත්සම් විභාග කළ විනිසුරු මඩුල්ල පිළිබඳව රන්ජන් රාමනායක මහතා රූපවාහිනී විවාදයකදී පළකළ අදහස් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට එරෙහිව තවත් නඩුවක් ක්‍රියාත්මක වූ අතර එම නඩුව මේ වනවිට විභාග කර අවසන් කර තිබේ. එම නඩුවේ තීන්දුව ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිතය.