ඇමති ජී.එල්. පීරිස් නිරෝධායනයට ලක් කෙරේ : ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තට කොරෝනා..බිරිද හා දරුවන්ද ආසාදිතයි..
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ස්වයං නිරෝධායනයට ලක් වීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා කොරෝනා ආසාදිතයෙකු වීම නිසා මෙම පියවර ගෙන තිබේ.
ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තට කොරෝනා.. බිරිද හා දරුවන්ද ආසාදිතයි..
රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී හෙලිව ඇත.
ඒ සමගම ඔහුගේ බිරිද හා දරුවෙකුද ආසාදිත යයි තහවුරුව තිබේ.
මේ හේතුවෙන් ඔහුගේ කාර්යා මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.
පියල් නිශාන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කලේය