රන්ජන්ට පාර්ලිමේන්තු ඒමට ඉඩ නොදීම ගැන සජිත් ප්‍රශ්න කරයි

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ හැකි ආකාරයේ දඬුවමක් ඔහුට ලැබී නොමැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එය තහවුරු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එපමණක් නොව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින්ද රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය මාස හයක කාලයක් සඳහා ආරක්ෂිත බව තහවුරු කර තිබෙන බවද විපක්ෂ නායකයා පවසනවා.

එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා නොදී ඇති බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් විමසා සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කතානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට බැඳී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස විපක්ෂ නායකයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.