20ට එරෙහි පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අද සිට සලකා බැලේ
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් මෙන්ම ජනමත විචාරණයකින් ද සම්මත කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (29) පෙරවරු 10.00 සිට සලකා බැලීම ආරම්භ කිරීමට නියමිතය.
මෙම පෙත්සම් කැඳවනු ලබන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ය.
පසුගිය සැප්තැම්බර් 22 වනදා සිට ඊයේ (28) දිනය දක්වා මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 39කි. දේශපාලනඥයින්, නීතීඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විවිධ පාර්ශ්ව විසින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.
LNW