ඇමෙරිකානු නව ජනපති ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

 

ඇමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් අද (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30ට පමණ) දිවුරුම් දුන්නේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර, උප ජනාධිපති ධුරයට පත් කමලා හැරිස් ද දිවුරුම් දුන්නාය.

පසුගිය දා ඇති වූ කලබලකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන උත්සවයේ ආරක්ෂාව සඳහා සෙබළුන් 25,000ක් යොදවා තිබිණි.

ජෝ බයිඩ්න් 46 වන ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස අද ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කොරෝනාවෛරසය හේතුවෙන් මෙම උත්සවය සාම්ප්‍රදායික අංග කිහිපයකට සීමා විය.

එම උත්සවයට හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු වන බරැක් ඔබාමා (ජෝ බයිඩ්න්, ඔබාමා යටතේ වසර 8ක කාලයක් උපජනාධිපති ධූරය දැරීය), බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ද සහභාගි වූහ.

1869 වසරෙන් පසු සිය අනුප්‍රාප්තිකයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි නොවූ පළමු ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් විය.