යක්කල සති පොළෙහි වෙළඳුන්ට PCR පරීක්ෂණ

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පසුගිය යක්කල සති පොළෙහි වෙළදුන් අහඹු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.

මෙහිදී වෙළඳුන් 76 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර එම වාර්තාවලට අනුව කිසිවෙකුටත් කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයිද සමරදිවාකර මහතා කීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර යක්කල දී රියදුරන් 15 දෙනෙකු අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට භාජනය කළ අතර එම වාර්තාව අනුව ඔවුන්ද ආසාදිතයින් නොවන බව තහවුරු වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.