අලි ගැටලුවට විසඳුම් ඉල්ලා සූරියවැව ගොවීන් මාරාන්තික උපවාසයක

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පවතින වන අලි ගැටලූවට විසඳුම් දෙන්නැයි ඉල්ලා වලව ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නියෝජිතයන් එක්ව ඉකුත් 18 වැනි දින සූරියවැව වල්සපුගල වැව් තාවුල්ල අසල ආරම්භ කළ සත්‍යග‍්‍රහයේ නිරත වූ පිරිසෙන් තිදෙනෙකු ඊයේ (20හි) මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

යෝජිත හම්බන්තොට – සූරියවැව වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙසත් අලි වැට ඉදිකර දෙන ලෙසත් ඉල්ලමින් ප්‍රදේශයේ ගොවි ජනතාව සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

හම්බන්තොට – සූරියවැව, වල්සපුගල ආදී ගම්මානවලට කාලාන්තරයක් තිස්සේ වන අලීන් පැමිණීමත් සමඟ අලි මිනිස් ගැටුම් උග්‍ර අතට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

අලීන් පහරදීමෙන් මිනිස් ජීවිත රැසක් මේ වන විට අහිමිව ඇති අතර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලීන් කිහිපදෙනෙකුටද ජීවිත අහිමිව ඇති බව වාර්තා වේ.