අනුරාධපුරයේ පාසල් දෙකක් වසා දමයි
අනුරාධපුර නීරාවිය දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පවුල් කිහිපයක සාමාජිකයන්ට කොවිඩ් 19 වැලදි ඇති බව පී.සී.ආර් පරික්ෂන වාර්ථා වලින් තහවුරු වීමත් සමග නීරාවිය දේවානම්පියතිස්සපුර විද්‍යාලය හා නීරාවිය අල් අස්කර් මුස්ලිම් විද්‍යාලය තාවකාලිකව අද (21දා) වසාදැමූ බව අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.
නිරෝධායනයට ලක්කළ පවුල් 25ක පී.සී.ආර් පරික්ෂන ප්‍රථිපල දින 14ක කාලයකට පසුව ලැබීම නිසා බරපතල තත්වයක් මතුව තිබූ අතර එම පරික්ෂන වාර්තා වලින් පුද්ගලයන් අට දෙනෙකුට කොවිඩ් වෛරසය වැලදි ඇති බව තහවුරුවී තිබුණි.
ඒ හේතුවෙන් ආදාල ප්‍රදේශයන්ට සංචරණ සීමාපැනවිම සිදුකර ආශ්රීතයන් සොයා ගැනීමේ මෙහෙයුම් දියත් කිරීමට මධ්‍යම නුවරගම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරි කටයුතු කර තිබුණි.
කොවිඩ් වැලදුණු ආශ්‍රීතයන්ගේ දරුවක් පසුගිය දින කිහිපය තුළ අදාල පාසල් වලින් අධ්‍යාපනය ලබා ගැනීම නිසා අදාල පාසල් දෙකෙහි අධ්‍යාපන කටයුතු තාවකාලිකව අත්හිටුවිමට අධ්‍යාපන බලධාරින් පියවර ගෙන තිබුණි.
කොවිඩ් රෝගය ආසාධනයවූ සියළුම රෝගින් අනුරාධපුර මහ නගර සභාවේ පවිත්‍රතා අංශයට අනියුක්තව සේවය කළ පිරිස් බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 22න් 21ක ආසාදිතයන් 158ක් වාර්ථාවන බව වසංගත රෝග විද්‍යා ඒකකය වැඩි දුරටත් සදහන් කරයි.