සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් රෝගීන් හමුවේ

දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලින් ගතවු පැය 24ක කාලය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් හමුවී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද පෙරවරු 06.00න් අවසන් වු පැය 24 තුළ මෙරටින් නව ආසාදිතයින් 787 දෙනෙකු හදුනාගැනුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 139කි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දෛනික දෙවන වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 108කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ නව ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

මහනුවර දිස්ත්‍රික්කයේ අංකුඹුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් ඊයේ කොවිඩ් ආසාදිතයින් 48 දෙනෙකු හඳුනාගෙන තිබේ.